අ/ නිකවැව අනුර මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම

welcome.jpg
welcome.jpg

උතුරුමැද පළාතේ අනුරාධපුර වැව් බැදි රාජ්‍ය යේ  ගලෙන්බිදුණුවැව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ඓතිහාසික හුරළු වැව් කොමලියගේ දකුණු ඇල ව්‍යාපාරයේ දෙවන ගම් පියස වශයෙන් මහාමාන්‍ය ඩී.එස්.සේනානායක අග්‍රාමාත්‍ය තුමාගේ ගොවිජනපද ව්‍යාපාරය යටතේ 1953 වර්ෂයේ දී මධ්‍යම පළාතේ මහනුවර/මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රීක වලින් පවුල් 350 පමණ පැමිණ පදිංචි වී ජිවත් වන හුරුළු නිකවැව නම් වු ග්‍රමය මධ්‍ය  යේ  පිහිටා ඇති අප පාසල ආගමික හා ජාතික සහජීවනය බෙදන ගෞරවණීය විහාරස්ථාන හතරකින් පෝෂණය වන දෑ හිත කාමි මානුෂිය සධාචාර සම්පන්න  සුන්දර මිනිසුන් පිරිසක් ජීවත් වන ග්‍රාමයේ මල්කඩ වන් අති සුන්දර මහ හැකි සලකුණ නිකවැව අනුර මහ විද්‍යාලයි යි වර්ථමානයේ ගලෙන්බිදුණුවැව අධ්‍යාපන කලාපයේ ගලෙන්බිදුණුවැව අධ්‍යාපන කොට්ඨාසයේ අංක 177 ග්‍රාමණිළධාරි කොට්ඨාසයේ  පිහිටා ඇත.

1954 වර්ෂයේ අගෝස්තු මස දෙවන දින සිසුන් 54 දෙනකුගේ ඇතුලත් වීමෙන් ගුරුවරුන් තිදෙනෙකු ගේ සහභාගීත්වයෙන්  නිකවැව අනුර මාතිව ආරම්භ වු අතර ,502.R.B 5 ලිපිනයේ පදිංචි G.G..ජයසේන පළමු ශිෂයා විය.1961 වර්ෂයේ මහ විද්‍යාලයක් බවට පත් වූ අප විද්‍යාලය 2013 සිට මහින්දෝදය විද්‍යාගාරය සහිත ද්වීතික පාසලක් බවට පත වූ අතර 2015 දී පූර්න වශයෙන්  ප්‍රාථමික පන්ති ඉවත් කරන ලදි.2018 දී 13 වසරක අනිවාර්ය අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන් යටතේ 13 වසරක වෘත්තීය පුහුණු පාඨමාලාවන් ද මෙම විද්‍යාලයේ ආරම්භ විය.වර්තමානය වන විට ශ්‍රි ලංකා මාතාවට විශේෂයෙන් රජරට වැව් බැදි රාජ්‍යට උගත් මානව හිතවාදින් බිහි කල/බිහි කරන තෝ තැන්නක් බවට පත් වී ඇති මෙම පාසල සිසුන් 554 කින් හා ගුරුමණ්ඩලය 33 කින් දඅනධයන කාර්ය මණ්ඩලය 4 කින්ද සමන් විත  අධයාපන පොදු සහතික පත්‍ර (උ පෙ) කලා හා වානිජ විෂය ධාර සහිතව 6-13 ශ්‍රේණි පන්ති පැවැත් වෙන පාසලකි.එසේම ගලෙන්බිදුනුවැව කලාපයේ 13 වසරක වෘත්තීය විෂයධාරාව සක්‍රීයව ක්‍රීයාත්මක වන පාසලක් ද වේ.